Wednesday, May 15, 2024

General line - 0115112241

වනිදුට පළමු තැන අහිමි වෙයි 




ජාත්‍යන්තර විස්සයි - 20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක එකේ පන්දු යවන්නා ලෙස සිටි වනිදු හසරංගට එම ස්ථානය අහිමිවි තිබෙනවා. ඒ අද දිනයේදී නිකුත් කළ නවතම ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි.

නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව විස්සයි 20 පිටියේ අංක 01 පන්දු යවන්නා ලෙස ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ජෝෂ් හේසල්වුඩ් පත්ව ඇත. ඔහු ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි 20 තරගයේදී ලකුණු 12ට කඩුලු 4ක් දවා ගැනීම සහ අනෙක් තරගයේදී ලකුණු 22ට කඩුලු 03ක් දවා ගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට එම ස්ථානය හිමිවී තිබෙනවා.

T20 පන්දු යවන්නන් ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට දකුණු අප්‍රිකාවේ Tabraiz Shamsi පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේදී වනිඳු හසරංග පළමු තරග දෙකේදී කඩුලු 5ක් දවාගත් නමුත් සෙසු තරග අහිමිවීම නිසා ඔහුට T20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම සතියේ ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා අතර පැවති පළමු විස්සයි 20 තරඟ තුනෙන් සහ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ අවසන් තරග දෙකෙන් පසුවයි.