Wednesday, May 15, 2024

General line - 0115112241

IPL යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලීමක්




චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර අයි පී එල් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණට එරෙහිව එල් ටී ටී ඊ හිතවාදීන් ගෙන යන ප්‍රචාරවලට මෙරට සිවිල් සංවිධාන දැඩි විරෝධයක් පළ කරනවා. මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරනු ලබන බැවින් දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් ගෙනහැර දක්වමින් මෙම එල්.ටි.ටි.ඊ. හිතවාදීන් ඔහුට විරෝධය පළ කරමින් සිටිනවා. 

30 වසරක් පුරා පැවැති යුද්ධයේදී දෙමළ වැසියන්ට සිදුවූ තාඩන පීඩන සහ මෙරට මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින්ට සිදුවන හිරිහැර ගෙන හැර දක්වමින් එල් ටී ටී ඊ හිතවාදීන් මහීෂ් තීක්ෂණට සිය විරෝධය පළ කර තිබෙනවා. එවන් පසුබිමක චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔහුව මිලදී ගැනීම අනුමත කළ නොහැකි බව තමිල්නාඩු වැසියන් සහ චෙන්නායි ක්‍රීඩාලෝලීන් පවසා ඇති බවයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබුණේ. 

මීට පෙර අවස්ථාවක ද චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට එල් ටී ටී ඊ හිතවාදීන්ගේන් විරෝධය එල්ල වුණා. ඒ, 2013 අයි පී එල් තරගවාරයේදීයි. නුවන් කුලසේකර සහ අකිල ධනංජය මෙලෙස චෙන්නායි කණ්ඩායමට එම වසරේදී තෝරගෙන තිබු අතර එහිදී එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් ඊට විරෝධය දක්වමින් කියා සිටියේ ඔවුන් දෙදෙනා කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවයි. 

එම විරෝධය හමුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වූ තරග සඳහා තමිල්නාඩුවේ සත්කාරකත්වය ලබාදීම ප්‍රතික්ෂේ කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දිගින්දිගටම තමිල්නාඩුවෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් එරට රජය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වහා ක්‍රියාත්මක විය යුතු බවයි රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ.

ඉන්දීය රජය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ෂඡඛ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි උන්වහන්සේ සඳහන් කළේ.