Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන අදට වසර 40ක්




ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන අදට වසර 40ක් සපිරෙනවා. 

ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 1982 වසරේ අදවන් දිනකයි. 

එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරවණමුත්තු ක්‍රීඩාංගණයේ පැවති මංගල ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදුන්නේ අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරයි. 

ශ්‍රී ලංකාව සහභාගි වු මංගල ටෙස්ට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. මෙම තරගයේදී රංජන් මඩුගල්ලේ, අර්ජුණ රණතුංග සහ රෝයි ඩයස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කළා. 

එමෙන්ම මෙම තරගයේදි අසන්ත ද මෙල් එංගලන්ත පළමු ඉනිමේදි කඩුලු 4ක් බිද හෙළීම කැපී පෙනුනා. 

පළමු ටෙස්ට් තරගයේදී සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 299 කට ක්‍රීඩා කර තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 95ක්. ටෙස්ට් තරග 113ක් ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇති තරග 91ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. එමෙන්ම මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා රැසක්ම ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ලියැවී තිබෙනවා. ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම ටෙස්ට් ඉතිහාසයේ පන්දුයවන්නෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ද ඉන් වාර්තා කිහිපයක්.