Wednesday, May 15, 2024

General line - 0115112241

ක්‍රීඩකයින්ගේ ආබාධ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අසීරුතාවක




ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරග දෙක අහිමි වී තිබෙනවා. 

ඒ, දෙරට අතර පැවති 3 වන විස්සයි විස්ස තරගයේදී ඔහුගේ වම් අතේ ඇති වූ ආබාධ තත්ත්වය හේතුවෙන්. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ද පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇති බවද වාර්තා වනවා. පුහුණු සැසියකදී පන්දුවක් වැදීමෙන් ඔහුගේ දකුණු මාපටගිල්ලේ අස්ථියක් බිදී ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඒ අනුව ඔහු මේ වනවිට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් ඉදිරි තරගවලට සහභාගිවීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගද කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඉදිරි තරග සදහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.