Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ඉදිරියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළ වෙනස් වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

දැනටමත් තරඟාවලිය 03 ට බිංදුවක් ලෙස ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව අද තරඟයට එක්වන්නේ ප්‍රභල වෙනස්කම් කිහිපයක් ද සමඟයි. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රභලතම වේග පන්දු යවන්නන් වන පැට් කමින්ස්, ජෝස් හේසල්වුඩ් හා මිචෙල් ස්ටක් ඉදිරි තරඟ දෙක සඳහාම විවේක ගන්වා තිබෙනවා. 

දෙවන පන්දුවාර 20 තරඟයේදී ආබාධයකට ලක්වූ ස්ටීව් ස්මිත් ද අද තරඟයට එක් කර නැහැ. මෙතෙක් ආරම්භක පිතිකරු ස්ථානයේ කටයුතු කළ ඕස්ට්‍රේලියානු නායක ඒරොන් ෆින්ච් අද තරඟයේදී අංක 03 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුවනු ඇති බවට වාර්තා වනවා. ඒ අනුව තුන්වන පන්දවාර 20 තරඟයේදී ආබාධයකට ලක්වූ නුවන් තුෂාර වෙනුවට ෂිරාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට නියමිතයි.