Thursday, May 16, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු කණ්ඩායම යළිත් ජය ලබයි




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන විස්සයි විස්ස තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (18) සමත් වුණා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 140ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 18යි 1ක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 143ක් වාර්තා කළා.