Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රභල අභියෝගයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පස්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කළා.

ඒ කඩුල හයක් පමණක් දැවී තිබියදීයි.  

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා තීරණය කළේ පළමුවෙන් පන්දුවර පහරදීමටයි. 

ඒරෝන් ෆින්ච් දැවී ගියේ ලකුණු 08 කටයි. බෙන් මැක්ඩොමොට් ලකුණු 03 කට දැවී ගියා. 

තරග 05 කින් යුත් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාව හිමිකර ගත්තේ පැවැති තරග 04 ම ජය ගනිමින්. 

ඒ අනුව පූර්ණ තරඟාවලි පරාජයක අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයගත යුතු වනවා.