Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දීය නාවික හමුදාවේ නිරීක්ෂණ මෙහෙයුම් තවදුරටත් පුලුල් කෙරේ




ඉන්දීය නාවික හමුදාවේ නිරීක්ෂණ මෙහෙයුම් තවදුරටත් පුලුල් කර තිබෙනවා. එරට වාර්තා සදහන් කළේ මේ සදහා යොදාගන්නා 12 වන බෝයිං පී එයිටිවන් විශේෂ නිරීක්ෂණ ගුවන් යානය ද පසුගියදා ඉන්දීය නාවික හමුදාව වෙත ලැබී ඇති බවයි.

ඇමරිකාව හැරැණු විට බෝයිං වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානා සිය ආරක්ෂක කටයුතු සදහා යොදාගන්නා ලොව එකම රට ඉන්දියාවයි.

මෙම බෝයිං පී එයිට්ඒ නිරීක්ෂණ ගුවන් යානා ඇමරිකානු නාවික හමුදාව විසින් භාවිතා කරන නිරීක්ෂණ ගුවන් යානාවලම දිගුවක්.

අදාළ ගුවන් යානා මිලදී ගැනීම සදහා ඉන්දියාව වැය කර ඇති මුදල ඩොලර් බිලියන 2.1 ක් වන බව සදහන්.

මෙම ගුවන් යානාවලට සබ්මැරීන්, නාවික යාත්‍රා, මෙන්ම ගොඩබිම් නිරීක්ෂණයද පුලුල්ව සිදුකළ හැකි අතර ඒ සදහා වන විශේෂිත අධිතාක්ෂණික උපකරණ රැසක් ඒවායේ ස්ථාපිත කර තිබෙනවා.