Tuesday, April 30, 2024

General line - 0115112241

පාපන්දු ක්‍රීඩාවෙනුත් රුසියාව දොට්ට දමයි




ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සහ යුරෝපිය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) විසින් නැවත දැනුම් දෙන තුරු රුසියානු ජාතික පාපන්දු කණ්ඩායම හෝ එරට ක්‍රීඩා සමාජ කණ්ඩායම් සඳහා තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනය ආක්‍රමණය කරමින් රුසියාව විසින් සිදුකරනු ලබන යුදමය ක්‍රියා පිළිවෙත දැඩි ලෙස හෙළා දකිමින් මෙම තීරණයට තමන් එළෙඹී බවයි අදාල සම්මේලනයන් දෙක නිවේදනය කර සිටියේ.

මෙම ඒකාබද්ධ නිවේදනයෙන් සුළු මොහොතකට පසු යුරෝපිය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) විසින් රුසියානු රජය සතු බලශක්ති සමාගමක් වන Gazprom සමඟ ඇති සිය හවුල්කාරි ගිවිසුම් සියල්ලම අවලංගු කිරීමට ද පියවර ගනු ලැබුවා.

යුරෝපිය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) නිවේදනය කළේ, "සිය තීරණය UEFA Champions League, UEFA ජාතික කණ්ඩායම් තරඟ සහ UEFA EURO 2024 ඇතුළු දැනට පවතින සියලුම ගිවිසුම් ද ආවරණය කරනු ලබන බවයි."