Tuesday, April 30, 2024

General line - 0115112241

යුක්රේනය වෙනුවෙන් 50,000ක ගේ ජිවිත බිලිදෙන්න රුසියාව සුදානම් වෙයි




කෙසේ හෝ ජයගත යුතුව ඇති යුක්රේන ආක්‍රමණය වෙනුවෙන් සිය හමුදා සෙබළුන් 50,000ක ගේ ජිවිත අහිමිවීමේ අවදානම දැරිමට රුසියාව සුදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.

මෙතෙක් පැවති ගැටුම් හේතුවෙන් 5,000කට අධික රුසියානු භට පිරිසකගේ ජිවිත අහිමිව ගොස් තිබෙන අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පසුතැවීමකින් නොසිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

යුක්රේන ආක්‍රමණයේ දී මියගොස් ඇති රුසියානු හමුදා භට පිරිස් වලින් බහුතරයක් දෙනා එරට Spetsnaz නම් විශේෂ බලකායේ සහ ගුවන් සංග්‍රාමික බලකාය නියෝජනය කරනු ලබන පළපුරුදු සොල්දාදුවන් බවයි වාර්තා වන්නේ.

යුක්රේන ආක්‍රමණයේ දී සිය ප්‍රතිවාදී පාර්ශවයෙන් නොසිතු ආකාරයේ ප්‍රබල ප්‍රතිරෝදයක් එල්ල වීමෙන් කෝපයට පත්ව සිටින රුසියානු ජනාධිපතිවරයා විසින් සිය හමුදා අණදෙන නිලධාරීන්ට කුමන උපක්‍රමයක් යොදා හෝ ඉලක්කය සපුරා ගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ආයුද විශේෂඥයෙකු වන Hamish de Bretton-Gordon සඳහන් කලේ ප්‍රතිවාදීන් ලේසියෙන් යටත් නොවන තැන රුසියානුවන් විසින් රසායනික අවි ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ද පවතින බවයි.