Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියානු ඔත්තුවෙන් යුක්රේන ජනපතිගේ දිවි බේරෙයි




සිය ජනාධිපතිවරයා ඝාතනය කිරිමට පැමිණි චෙච්නියානු විශේෂ බලකා කණ්ඩායමක් ඝාතනය කිරිමට හැකිවූ බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සිය ජනාධිපතිවරයා ඝාතනය කිරිමට පැමිණි කණ්ඩායම විනාශ කළ බව සඳහන් කරමින් යුක්රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Oleksiy Danilov සඳහන් කර සිටියේ.

රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් ගේ ප්‍රබල හිතවාදියෙකු වන චෙච්නියානු නායක Ramzan Kadyrov සඳහන් කර සිටියේ යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියාව ගෙන යන මෙහෙයුමේදී චෙච්නියානු භටයින් ද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම චෙච්නියානු භට පිරිස යුක්රේන ජනාධිපතිවරයා ඉලක්ක කර ගෙන පැමිණ ඇති බවට වන තොරතුරු හෙළිකර සිටියේ ද රුසියාව විසින් බවයි යුක්රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Oleksiy Danilov ප්‍රකාශ කර සිටියේ.

"රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක ඒකකයේ සිටින නිලධාරින් ගෙන් අපට අවශ්‍ය තොරතුරු ලැබුණා. ඔවුන් මේ ආක්‍රමණයට විරුද්ධ පිරිසක්" ඔහු සඳහන් කර සිටියා.

මේ අතර යුක්රේන ජනපතිගේ ඝාතනය සඳහා පැමිණි බව කියන තවත් ආයුද සන්නද්ධ කණ්ඩායමක් පසුපස සිය ආරක්ෂක අංශ හඹා යමින් සිටින බවයි යුක්රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Oleksiy Danilov වැඩිදුරටත් සඳහන් කර සිටියේ.