Tuesday, April 30, 2024

General line - 0115112241

"මේක අපේ යුද්ධයක් නොවෙයි" - යුක්රේන අත්අඩංගුවේ පසුවන රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි (VIDEO)




තමන්ව යුක්රේනය ආක්‍රමණය කිරීමට යවන බවට නොදැන සිටි බවත් තමන්ගේ භුමිය ආරක්ෂා කරන සාමාකාමී මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට සිය අණදෙන නිලාධාරින් බලකළ බව යුද සිරකරුවන් බවට පත්ව සිටින රුසියානු යුද සිරකරුවන් හඬා වැළපෙමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා.

"මේක අපේ යුද්ධයක් නෙවෙයි. මව්වරුනි, භාර්යාවනි, ඔබේ ස්වාමිපුරුෂයන් එකතු කරන්න. මෙතන ඉන්න අවශ්‍ය නැහැ,' තුවාල ලැබූ සොල්දාදුවෙක් යුක්රේන ධජයක් ඉදිරිපිට වාඩි වී සිටිමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇත. 

තවත් වීඩියෝවකින් දැක්වුයේ මාංචු දැමූ රුසියානු හමුදා සිරකරුවෙකු හඬමින් සිටින අයුරුයි. එහිදී ඔහු සඳහන් කර සිටියේ රුසියානු හමුදාවේ මියගිය සොල්දාදුවන් ගේ මළ සිරුරූ පවා සිය හමුදාවන් විසින් එකතු කර නොගන්නා බවයි. " මියයන සොල්දාදුවන් වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් හෝ නැහැ" යැයි ඔහු ඉතා වේදනාවෙන් ප්‍රකාශ කර සිටින අයුරු එම විදියෝවෙන් දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට පැමිණි රුසියානු හමුදා භටයින් මියගියාද එසේත් නැත්නම් යුක්රේන සිර භාරයේ සිටීද යන්න ඔවුන්ගේ දෙමාපියන්ටසොයා බැලීම සඳහා යුක්රේනය විසින් පසුගියදා දුරකථන මාර්ගයක් හඳුන්වා දුන්නා.

යුක්රේනය පවසන්නේ ගැටුමේ ආරම්භක දිනවලදී රුසියාවට සොල්දාදුවන් 5,840 ජිවිතක්ෂයට පත්වූ බවයි. යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියානු හමුදාවන් වේගවත් මෙහෙයුම් මාළාවක් දියත් කෙරුණද එය සාර්ථක නොවු අතර ඔවුන්ට දැඩි ජිවිත මෙන්ම දේපළ හානිවලට මුහුණ දීමට සිදුවුණා.