Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියානුවන් ගෙන් නොනවතින කාලතුවක්කු ප්‍රහාර මාළාවක් (VIDEO)




යුක්රේනයේ මහා පරිමානයේ ජන සංහාරයක් සිදුවෙමින් පවතින බවත් රුසියානු හමුදාවන් විසින් එක් යුක්රේන නගරයක් වන Mariupol වෙත නොනවත්වා පැය 15ක් නොනවත්වා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටින බව නගර බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

රුසියානු හමුදාවන් විසින් සියලුම පෙරමුණු වලින් අද දිනයේදී යුක්‍රේනයේ ප්‍රධාන නගරවලට ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති අතර හැකි ඉක්මනින් කිව් අගනුවර සිය පාලනයට ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇති බවයි යුද විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

යුක්රේනයේ දකුණේ දිග ප්‍රදේශයේ පිහිටා ඇති Mariupol නගරය රුසියානු හමුදා විසින් වට කර සිටින අතර නොනවත්වා එල්ලවන කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් සියගණනක් සිවිල් වැසියන් මියගොස් ඇති බවයි නගර බලධාරීන් සඳහන් කර සිටින්නේ. 

මිට අමතරව කාර්කිව් ඇතුළු යුක්රේන නගර රැසකට නොවනවත්වා කාලතුවක්කු, මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතින බවත්, යුක්රේන හමුදාවන් විසින් රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් වදිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර රුසියානු හමුදාවන් විසින් එල්ල කරනු ලැබූ කාලතුවක්කු ප්‍රහාරයක ඉලක්කයක් වූ ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකු දිවි ගලවා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය විසින් පළකර තිබුනේ මෙලෙසින්..