Tuesday, April 30, 2024

General line - 0115112241

පළමු වරට රුසියාව යුද්ධයෙන් සිදුවූ හානි පිළිගනියි




යුක්රේනය තුල ආරම්භ කල හමුදා මෙහෙයුමේදී සිය පාර්ශ්වයට සිදුවූ හානිය පිලිබද රුසියාව පලමු වරට නිල ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ගැටුම් හේතුවෙන් මේවනවිට රුසියානු සෙබලුන් 498 දෙනෙකු මියගොස් ඇති බවයි 

රුසියානු ආරක්ෂක ආමාතයංශය සදහන් කළේ. තුවාල ලබා ඇති සොල්දාදුවන් පිරිස 1000 කට අධිකයි. කෙසේවෙතත් රුසියාව ඉදිරිපත් කරන දත්තවලට වඩා දසගුණයක පමණ හානියක් ඔවුන්ට සිදුව ඇති බවයි යුක්‍රේනය පවසන්නේ.

මේ අතර රුසියාව සහ යුක්රේනය අතර ඉකුත්දා ආරම්භ වූ සාම සාකච්ඡාවල දෙවන වටය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පෝල්න්ත - බෙලරූස් දේශසීමා ආසන්නයේදීයි.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුරෝපයේ දින දින 6 ක සංචාර්යකට සූදානම් වන බවයි වාර්තා වන්නේ. 

එහිදී ඔහු නේටෝ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ නායකයින් හමුවීමට නියමිතයි. අනතුරුව ඔහු යුක්‍රේනයේ අසල්වැසි රාජයන් වන පෝල්න්තය, මෝල්ඩා රාජය, ලැට්වියාව, ලිතුවේනියාව සහ එසතෝනියාව වැනි රටවල සංචාරය කිරීමටද නියමිතයි.

කෙසේවෙතත් යුක්රේන ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ මෙය පුටින්ගේ යුද්ධයක් මිස රුසියානු වැසියන්ගේ යුද්ධයක් නොවන බවයි.