Sunday, May 5, 2024

General line - 0115112241

හොරෙන් විදුලිය ගත් ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ 120ක් අත්අඩංගුවට




ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධි ලෙස විදුලිය ලබා ගත් නිවාස 120ක හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලංකා විදුලි බළ මණ්ඩලයේ විමර්ෂණ නිලධාරින් සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය එක්ව මෙහෙයුමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරමින් ඇති බවයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසුවේ. 

එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද පස්වරුවේ එම සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.