Thursday, May 2, 2024

General line - 0115112241

පළමු දිනයේ වැඩි ගෞරවය ඉන්දියාවට




අද ආරම්භ වූ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ඒ, දිනය නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් ඉන්දියාව කඩුළු 06 කට 357 ක් රැස් කිරීමත් සමගයි. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 02 ක් බිඳ හෙලුවා.

රිෂාබ් පාන්ට් වේගවත් ලකුණු 96 ක් රැස් කල අතර හනුමා විහාරි ලකුණු 58 කට දැවී ගියා. සිය සියවන ටෙස්ට් තරගයට සහභාගී වන විරාත් කෝලි දැවී ගියේ ලකුණු 45 කටයි.

සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.