Thursday, May 2, 2024

General line - 0115112241

ෂේන් වොර්න් දිවි ගමනට සමුදෙයි




ලොව ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම දකුණත් පා දග පන්දු යවන්නෙකු වන ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, තායිලන්තයේ රැඳී සිටියදීයි. 

මරණයට හේතුව හෘදයාබාධයක් බවයි ශේන් වෝන්ගේ කළමනාකරු උපුපටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145 කට ක්‍රීඩා කර ඇති ඔහු බිඳහෙලා ඇති කඩුළු සංඛ්‍යාව 708 ක්. එක්දින තරග 194 කදී ශේන් වෝන් කඩුළු 293 ක් බිඳ හෙලා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු ඔහු ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කළා. 1992 දී සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ ඔහු ඊට සමුදෙන්නේ 2007 වසරේදීයි. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු ලාභීන් අතර ෂේන් වෝන් දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට පමණයි. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝක ශූරයින් බවට පත්වූයේ අවසන් මහා තරගයේදී ශේන් වෝන් ද සහභාගී වූ ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්. 

කෙසේවෙතත් ඉන් වසර 03 කට පසු 1999 දී ශේන් වෝන් ඕස්ට්‍රේලියාවට ලෝක කුසලාන එක්දින කිරුළක් දිනා දීමට සිය දායකත්වය ලබා දුන්නා.