Thursday, May 2, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේ වැඩි වාසිය ඉන්දීය කණ්ඩායම සතු කර ගනියි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 108 ක් රැස්කරගෙන සිටියා. ඒ, ඉන්දිය කන්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 574 ට පිළිතුරු ලෙසයි. 

නොදැවී කඩුල්ලේ රැදී සිටි පැතුම් නිස්සංක ලකුණු 26 ක් ලබා සිටි අතර චරිත් අසලංක එක් ලකුණක් ලබා සිටියා.

කඬුලු 08 කට ලකුණු 574 ක් ලබා සිටියදී ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ අද පස්වරුවේයි. ඒ වන විට නොදැවී කඬුල්ලේ රැදී සිටි රවීන්ද්‍ර ජඩේජා ලකුණු 175 ක් රැස්කරගෙන සිටි අතර මොහොමඩ් ෂාමි නොදැවී ලකුණු 20 ක් ලබා සිටියා. පන්දු 228 කදී වාර්තාවූ ජඩේජාගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර 03 ක් ඇතුලත් වුණා.