Thursday, May 2, 2024

General line - 0115112241

ඉනිමක පරාජයෙන් බේරෙන්න ශ්‍රී ලංකාව දැඩි සටනක




ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 10 ක් ලබා සිටිනවා. ලහිරු තිරිමාන්න කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. 

කඩුලු 8 ක් දැවී ලකුණු 574 ක් රැස් කර සිටියදී ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා. ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ  ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 174 ක් පමණයි. 

එහිදී ලකුණු පනහේ සීමාව පසුකර යෑමට හැකි වූයේ පැතුම් නිස්සංකට පමණයි. ඔහු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. චරිත් අසලංක ලකුණු 29 ක් රැස් කළා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 28 යි. සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාරට කිසිඳු ලකුණක් රැස් කිරීමට නොහැකි වීම විශේෂත්වයක්.  

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 390 ක් රැස් කළ යුතු වනවා. මොහාලි හිදී පැවැත්වෙන දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය අදයි.