Friday, May 3, 2024

General line - 0115112241

ටෙස්ට් තරගාවලියේ ජය ඉන්දියාවට




ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද දින 03 කින් නිමාවට පත්වුණා. ඒ, ඉන්දියාවට ලකුණු 238 ක ජයක් හිමිකරදෙමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 252 ක් රැස්කළා. ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමට රැස්කරගත හැකිවූයේ ලකුණු 109 ක් පමණයි. ඉන්දීය දෙවැනි ඉනිම කඩුලු 09 ක් දැවී තිබියදී ලකුණු 303 කට අත්හිටුවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණයට හිමිවූ ඉලක්කය ලකුණු 447 ක්. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී අද රැස්කරගත හැකිවූයේ ලකුණු 208 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 107 ක් රැස් කළා. එය ඔහුගේ 14 වන ටෙස්ට් ශතකයයි. කුසල් මෙන්ඩිස් ලකුණු 54 යි. නිරෝශන් දික්වැල්ලට රැස්කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණයි. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 05 හේ සීමාව පසුකර යාමට හැකිවූයේ නැහැ.

ඒ අනුව ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාව දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වුණා.