Sunday, April 28, 2024

General line - 0115112241

කඩදාසි හිඟයි - බස්නාහිර පළාතේ පාසැල් විභාග ගැන විශේෂ තීරණයක්




බස්නාහිර පළාතේ පාසල්වල 9,10,11 ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි හා අනෙකුත් අමු ද්‍රව්‍ය හිග වීම හේතුවෙන්. 

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පැවසුවේ එම ශ්‍රේණිවල වාර විභාග පැවැත්වෙන කාල වකවානුව මෙතෙක් තීරණය කර නොමැති බවයි. අදාළ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය පුද්ගලික අංශය මගින් සිදුකෙරෙනවා. 

කෙසේවෙතත් 6,7,8 ශ්‍රේණිවල වාර විභාග පාසල් මට්ටමින් පැවැවෙන බැවින් එම විභාග පැවැත්වීම අදාළ පාසල්වල විදුහල්පතිවරයා තීරණය කර ඇති ආකාරයට සිදු කෙරෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් වැඩි දුරටත් සදහන් කළේ.