Sunday, April 28, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්  




ජලය නල මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 24ක කාලයක් සඳහා අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශය, රත්මලාන, කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි එම මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් කොළඹ 04 ප්‍රදේශයට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවද එම මණ්ඩලය දැනුම් දී සිටියි.