Thursday, May 16, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට




දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් අත්කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. 

සෙන්චූරියන්හිදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුවට පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 314 ක්. ශකීබ් අල් හසන් ලකුණූ 77 ක් රැස්කළ අතර ලිටන් දාස් සහ යසීර් අලී ලකුණු 50 බැගින් රැස්කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස්කර රැත හැකි වූයේ ලකුණු 276 ක් පමණයි. රාසි වැන්ඩර් ඩසන් ලකුණු 86 ක් සහ ඩේවිඩ් මිලර් ලකුණු 79 ක් රැස්කලා. කෙසේවෙතත් දකුණු අප්‍රිකානු සෙසු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට හැකිවූයේ නැහැ. 

පන්දු යැවීමේදී මෙහෙදි හසන් ලකුණු 61 කට කඩුළු 04 ක් සහ ටස්කින් අහමඩ් ලකුණු 36 කට කඩුළු 03 ක් දවා ගත්තා. 

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව සිටිනවා.