Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ සිසුවියන්ට 06 න් ඉහළ පන්ති තහනම්




ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසල්වල 06 ශ්‍රේණියෙන් ඉහළ පන්ති වසා දැමීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසැල්වල ඉහළ පන්ති මාස 07 කින් පසුව විවෘත කිරීමෙන් අනතුරුවයි. එම පන්තිවලට සිසුන් කැඳවා පැය කිහිපයක් ඇතුළත තලෙයිබාන් සංවිධානය විසින් යළිත් එම පන්ති වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

ඒ අනුව තලෙයිබාන් පාලනය යටතේ නැවත දැනුම්දෙන තුරු ඇෆ්ගනිස්තානයේ  බාලිකා පාසැල්වල 06 ශ්‍රේණියෙන් ඉහළ පන්ති පැවැත්වීම තහනම් වන අතර එම සිසුවියන්ට අධ්‍යාපනය ලැබීමට අවසර හිමිවන්නේ නැහැ.

තහනම ප්‍රකාශයට පත් කරමින් ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ඉස්ලාම් නීතිය හා ඇෆ්ගනිස්තානයේ සංස්කෘතිය පිළිබඳ සලකා බලා බාලිකා පාසැල්වල 06 ශ්‍රේණියෙන් ඉහළ පන්ති පවත්වනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවයි.