Friday, May 17, 2024

General line - 0115112241

දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී මෙරටට




ශ්‍රී ලංකාවට එරෙහිව දීර්ඝ ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම ලබන ජුනි මාසයේ මෙරටට පැමිණෙනවා. ඒ, ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරඟාවලියකට සහභාගී වීම සඳහායි. 

මෙම තරඟ සංචාරයට විස්සයි 20 තරඟ 3 ක්, එක්දින තරඟ 5 ක් සහ ටෙස්ට් තරඟ 2 ක් ඇතුළත්. ජුනි 07 වනදා ආරම්භ වන තරඟ සංචාරය ජූලි 12 වනදා අවසන් වනවා.

පළමුව ආරම්භ වන්නේ පන්දුවාර 20 තරඟාවලියයි. ජුනි මස 07 වැනිදා කොළඹදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විස්සයි-20 තරඟාවලිය ආරම්භ වනවා.

එක්දින තරඟාවලිය ජුනි 14 වනදා ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් තරඟාවලිය ආරම්භ වන්නේ ජුනි 29 වනදායි. ටෙස්ට් තරඟ 2 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේයි. 

2016 වසරේ ශ්‍රී ලංකාවේ සිදුකළ දීර්ඝ තරඟ සංචාරයෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායම දින 36 ක කාලයක් සඳහා මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය වනවා.