Monday, April 29, 2024

General line - 0115112241

චීනයෙන් යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය අර්බුදයක




රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් චීනයේ සිට දුම්රිය මාර්ග ඔස්සේ යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය කිරීම බරපතල  අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කරන්නේ යුද්ධය ආරම්භවීමත් සමග චීනයේ ෂැන්හයි සිට රුසියාව , බෙලාරුස් සහ පෝලන්තය හරහා යුරෝපයට  ගොඩබිම් දුම්රිය මාර්ග ඔස්සේ  භාණ්ඩ ප්‍රවාහනය සියයට හතලිහකින් පමණ පහත වැටී ඇති බවයි. 

මෙම තත්වය චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි අහිතකර බලපෑම් එල්ල කරනු ඇති බවටයි නිකෙයි ඒෂියා සේවය වාර්තා කරන්නේ.

පවතින තත්වය හේතුවෙන්  භාණ්ඩ ප්‍රවාහනයට අදාළ රක්ෂණ ගාස්තු ද ඉහළ ගොස් ඇති බව සදහන්.

අර්බුදය පාලනය කිරීම සදහා චීන රජය විසින් සිය වියදමින් විශේෂ රක්ෂණාවරයක් හදුන්වාදීමට පියවර ගෙන ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.