Tuesday, April 30, 2024

General line - 0115112241

අවශ්‍ය ඉන්ධන තොග තිබෙනවා : ඉන්ධන හිඟයක් ඇතිවෙන්නේ නැහැ - ඛණිජ තෙල් නීතිගත සංස්ථාව




මෙම මාසයේ පරිභෝජනය සඳහා අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරෙන පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් නොමැති බවයි. එබැවින් අනවශ්‍ය කලබලයකින් තොරව අවශ්‍ය ඉන්ධන ලබාගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ.