Tuesday, April 30, 2024

General line - 0115112241

ගැසට් මඟින් වෙළඳපොල කටයුතු පාලනය කළ නොහැකි බව මහබැංකු අධිපති කියයි




නිති හෝ රෙගුලාසි පැනවීම මඟින් වෙළඳපොල කටයුතු පාලනය කළ නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මිල පාලනය සඳහා ගැසට් නිවේදන විශාල ප්‍රමාණයක් නිකුත් කළද ඉන් ප්‍රතිඵලයක් අත්නොවීමෙන් එය පැහැදිලි වන බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ. “ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව” මැයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳය සංවිධාන කළ, සාකච්ඡාවට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

රූපවාහිනී හා රේඩියෝ නාළිකා රැසක් මඟින් මෙම සාකච්ඡාව විකාශය කෙරුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබාගන්නා තෙක් කෙටිකාලීන වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා. ඊට මහ බැංකු අධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. 

මුදල් අමාත්‍යංශයේ නව ලේකම් කේ එම් එම් මහින්ද සිරිවර්ධන ද මෙම සාකච්ඡාවට එක්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූයේ මෙලෙසයි.

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ සිදුකළ යුතු හා සිදු නොකළයුතු කරුණු කිහිපයක් පිළිබඳවද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එහිදී කරණු දැක්වුවා.

ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව ද මෙම සාකච්ඡාවට එක්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගණුදෙනු කිරීමේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ ඔහු අදහස් පළ කළේ මෙලෙසයි.

ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය එම් තිලකසිරි ද මෙහිදී අදහස් පළ කළා.