Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුවට එක් වන ලෙස කම්කරු කොංග්‍රසයට යළි ඇරයුම්

රංජිත් රාජපක්ෂ - හැටන් 




ආණ්ඩුවෙන් ඉවත් වී සිටින ලංකා කම්කරු කොංග්‍රසයට යලිත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ලෙස ආරාධනාවක් ලැබී තිබෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පී. සත්තිවේල් පැවසුවේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ එම ආරාධනාව සිදු කළ බවයි. 

තමන් දැරූ ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයට අමතරව වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් අමාත්‍යාංශයද, සිය පක්ෂයට ලබාදිය හැකි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වූ බවද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පි.සත්තිවේල් පැවසුවා. 

එහෙත් එම යෝජනාව සිය පක්ෂය ප්‍රතික්ෂේප කළ බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක පී. සත්තිවේල් සදහන් කළේ. කෙසේවෙතත් විපක්ෂයෙන්  රජයට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනනාවේදි සිය පක්ෂය මධ්‍යස්ථව කටයුතු කිරීමට තිරණය කර ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා. 

රටේ උද්ගත වි තිබෙන ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය මත ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ සමගම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් ද රජයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළා.

මේ අතර අද හෝ හෙට දිනයේදී නව කැබිනට් මණ්ඩලය දුවුරුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. හෙට දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වනවා.