Sunday, May 5, 2024

General line - 0115112241

හෙට සිට නැවතත් රාත්‍රී කාලයේ දී විදුලිය කැපේ




හෙට දිනයේ පැය 04යි විනාඩි 20ක විදුල කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. 

ඒ අනුව A සිට L කලාප දොළහේ සහ P සිට W දක්වා වන කලාප අටට උදෑසන නවයේ සිට සවස 06 දක්වා පැය 03ක කාලයක් සහ සවස 06ත් රාත්‍රී 10ත් අතර පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

පවතින ඉන්ධන හිගය හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.