Thursday, May 9, 2024

General line - 0115112241

යුක්රේන යුද්ධයෙන් ජිවිත 40,000ක් අහිමි වෙයි




දින ගණනාවක් ගත වුවත් රුසියාවේ යුක්රේන ආක්‍රමණය මෙතෙක් අවසන් වී නැහැ. රුසියාව තව දුරටත් යුක්රේනය පුරා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර සහ ශෙල් ප්‍රහාර එල්ල කරමින් ඇති බවයි නවතම විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරියේදියි. 

රුසියාව පවසන්නේ සිය යුද මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා යුක්රේන සොල්දාදුවන් සහ විදේශ කුලී භටයින් 23,367 දෙනෙකුට මේ දක්වා ජීවිත අහිමි වී ඇති බවයි. 

කෙසේ වෙතත් පවතින යුද ගැටුම් හේතුවෙන් රුසියාවට සිය සොල්දාදුවන් 20,000 ක් පමණ අහිමි වූ බවයි යුක්රේන රජය පවසන්නේ.