Thursday, May 9, 2024

General line - 0115112241

සද සහ අගහරැ සූරාකෑමේ සැලැස්මක් පිළිබද හෙළිදරව්වක්




සදෙහි සහ අගහරැ ග්‍රහයා මත වන ස්වභාවික සම්පත් සූරාකෑමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට චීනය සහ රුසියාව කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක කීත් රයිඩර් සදහන්  කරන්නේ ඉදිරි වසර 30 ක කාලය තුළ මෙම සැළැස්ම ක්‍රියාවට නැංවෙනු ඇති බවයි.

එහිදී චීනය සහ රුසියාව එක්ව මෙන්ම වෙන් වෙන්වත් ව්‍යාපෘති රැසක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු අනාවරණය කර තිබෙනවා.

මෙය ලෝක ආරක්ෂාවට පමණක් නොව ඇමරිකානු අභ්‍යවකාශ ඉලක්ක සහ සැලසුම්වලට ද තර්ජනයක් බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

රුසියාව සහ චීනය එක්ව සිදුකරන අභ්‍යාවකාශ මෙහෙයුම් පසුගිය කාලසීමාවේ දී තීරණාත්මක ලෙස ඉහළ නංවා තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ 2019 සිට 2021 දක්වා වසර දෙකක කාලය තුළ දී පමණක් රුසියාව සහ චීනය එක්ව සිදුකරන අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සියයට 70 කින් ඉහළ නංවා ඇති බවයි.