Friday, May 10, 2024

General line - 0115112241

කටාරයේ සිර දඩුවම් විදි ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුට රාමසාන් වෙනුවෙන් නිදහස




කටාර් රාජ්‍යයේ සේවයේ යෙදි සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඩුවම් විඳිමින් සිටින පුද්ගලයින් රැසකට එරට රජය මගින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයෙන් නිදහස ලබාදීමට තීරණය කර තිබේ.

කටාර් රාජ්‍යයේ අමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයක් වශයෙන් විවිධ රටවල සිරකරුවන් රැසකට මෙම සමාව ලබාදී තිබේ.

ඒ අනුව විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී අධිකරණය මගින් දඩුවම් ලැබ බන්ධනාගාර ගතවූ ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුද එරට රජය මගින් නිදහස් කර තිබෙන අතර, සිර දඩුවම්වලට අමතරව මොවුන් විසින් එරට අධිකරණයට ගෙවිය යුතු මූල්‍ය දඩුවම්වලින්ද නිදහස් කොට තිබේ.

රාමසාන් වෙනුවෙන්, මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කටාර් රාජ්‍යයට සිය ස්තුතිය පිරිනමා ඇත.