Saturday, April 27, 2024

General line - 0115112241

අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන්නැයි ජනපති ප්‍රකාශ නොකළ බවට රජයෙන් ප්‍රකාශයක්

රංජිත් රාජපක්‍ෂ




මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීන්දුවක් ගෙන ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව රජය පවසනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා සදහන් කළේ ඉකුත්දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදුවුණේ ආණ්ඩුව වෙනස් කිරීමට සරලම සහ පහසුම ක්‍රමවේදය අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම පිළිබද පමණක් සාකච්ඡා වූ බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළද රටේ ප්‍රශ්නවලට විසදුම් ලබාදිය නොහැකි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.