Saturday, April 27, 2024

General line - 0115112241

විරෝධතා සතියේදී රාජකාරී අඩපන නොකරන බවට වෘත්තීය සමිතිවලින් සහතිකයක්




වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ සිවිල් සංවිධාන විසින් කැඳවා ඇති විරෝධතා සතිය අදින් ආරම්භ වනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ ඉල්ලීම් සඳහා මේවනවිටත් කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම විරෝධතා සතිය ආරම්භ කළ බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසන්නේ. 

කෙසේවෙතත් සේවාවන් අඩපණ නොවන අයුරින් මෙම විරෝධතා සතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළා. 

ඉකුත් 06 වනදා පැවැති හර්තාල් ව්‍යාපාරයට සහය දැක්වූ සියලු වෘත්තීය සමිති සහ වෙනත් සංවිධාන 2000 ක් පමණ මෙම විරෝධතා සතියට සහය පළ කර ඇති බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කළේ. 

අදින් ආරම්භ වන විරෝධතා සතියට ගුරු සංගම් ද සිය සහය පළ කර තිබෙනවා. කෙසේවෙතත් පාසැල්වල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල නොවන අයුරින් ගුරුවරුන් මෙම විරෝධතා සතිය සඳහා සිය දායකත්වය දක්වන බවයි ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.