Sunday, April 28, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට දශකයක් අහිමි වන බව විද්වතෙකු කියයි




රට මේවනවිට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයේ වින්දිතයින් වන්නේ තරුණ ප්‍රජාව සහ දරුවන් බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. පවතින ආර්ථික ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදුන්න ද,  2020 සිට 2030 දක්වා වූ කාලය ශ්‍රී ලංකාවට අහිමි වූ දශකයක් වනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළේ. 

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම වැනි තීරණ මගින් මෙරට ආර්ථිකයට අහිතකර ලපෑම් එල්ල වනු ඇති බව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.