Sunday, April 28, 2024

General line - 0115112241

මහින්දගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියෙක් ඇතුළු පිරිසකට CIDයෙන් කැදවීමක්




ගාලු මුවදොර පිටියේ සාමකාමී අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සහ අරලියගහ මන්දිරයේ ඉකුත්දා පැවති හමුව සම්බන්ධීකරණය කළ නිළධාරියාගෙන්ද මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි පොලීසිය පැවසුවේ. ඔවුන්ට අද උදෑසන හයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා. 

ඉකුත්දා පැවති සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙනවා. ඊට අනියුක්ත කර ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 6 ක්.