Friday, May 10, 2024

General line - 0115112241

බටහිරට පයින් ගසා චීනය රුසියාව සමග ගනුදෙනු වැඩිකරයි




බලශක්තිය ඇතුළු චීනය රුසියාවෙන් සිදුකරන ආනයනයන් අප්‍රේල් මාසයේදී වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති බව වාර්තාවනවා.

මෙය, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මොස්කව් වෙතින් ඈත් වන ලෙස බටහිර රටවලින් එල්ලවන පීඩනයට එරෙහිව නැගී සීටීමක් ලෙසයි විදෙස් විචාරකයන් හදුන්වන්නේ.

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් විසින් පනවන ලද සම්බාධක මාලාවකින් පහර වැදී ඇති රුසියාවෙන් චීනය සිදුකළ ආනයනයන් අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 8.89 දක්වා වර්ධනය වී තිබෙනවා.

එය පෙර වසරේ අප්‍රේල් මාසයට වඩා සියයට 56.6 කින් සහ මාර්තු මාසයට වඩා සියයට 13.3 කින් වැඩිවීමක් බව චීන රේගු දත්ත මත පදනම්ව සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කරනවා.

චීන මිලදී ගැනීම්වලින් විශාල කොටසක් තෙල් සහ ගෑස් වන අතර ඔවුන්  රුසියාවෙන් අප්‍රේල් මාසයේදී බොරතෙල් මෙට්‍රික් ටොන් මිලියන 43ක් ආනයනය කර ඇති අතර එය පෙර වසරට වඩා සියයට 6.6ක වැඩිවීමක්.