Saturday, April 27, 2024

General line - 0115112241

මුදල් අච්චු නොගැසුවහොත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවිය නොහැකි බව අගමැති කියයි




මෙම අවස්ථාවේදී මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ බී බි සී සිංහල සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මේවනවිට රජය සතුව පවතින්නේ රුපියල් බිලියන 100 ක් පමණක් වීම ඊට හේතුව බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රටතුළ විරෝධයක් පවතින  පසුබිමක් තුළ ඔහු සමග කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කෙරුණා.