Saturday, September 21, 2024

General line - 0115112241

‘ව්‍යාපාරිකයින් මර්ධනය කර නැහැ’




වැට් බද්දට එරෙහිව විරෝධතා පැවැත්වූ ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව මර්ධනයක් කි‍්‍රයාත්මක කර ඇති බවට ආණ්ඩුවට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ පැවසුවේ වැට් බද්දට එරෙහිව විරෝධතා පැවැත්වූ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ඉකුත් දිනවලදී රේගුව මගින් පරීක්ෂා කර මුද්‍රා තබා ඇති බවයි.

ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පැවසුවේ එය හුදෙක් ඒකාබද්ධ විපක්ෂයේ සටන් පාඨයක් පමණක් බවයි. ඔවුන් දැන් අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත් සඳහන් කළා.