Tuesday, April 30, 2024

General line - 0115112241

ගෑස් නෞකාවක් හෙට දිවයිනට - බෙදා හැරීම බදාදා ඇරඹේ




ගෑස් බෙදාහැරීම ලබන බදාදා සිට යළි ආරම්භ කිරීමට සූදානම් බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් සඳහන් කළේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවක් හෙට පස්වරු 01 ට පමණ මෙරට මුහුදු සීමාවට ලගාවීමට නියමිතව ඇති බවයි. 

එම නෞකාවෙන් රැගෙන එන ගෑස් තොගයේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා පැය 10 ක කාලයක් ගත වනවා. මුහුදේ කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් ගෑස් ගොඩබෑමේ කටයුතු හෙට දිනයේදීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළා. 

මේ අතරගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් අද දිනයේ ද සිදුනොවන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. එබැවින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල දී ගැනීමට පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙන්නේ. 

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීම නතර කෙරුණේ ඉකුත් 24 වනදා සිටයි. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අද වෙළද පොලට නිකුත් නොකරන්නේ අඛණ්ඩව 06වන දිනටයි. 

කර්මාන්ත සඳහා නිකුත් කරන කිලෝ ග්‍රෑම් 37යි දශම 05 සිලින්ඩර් සහ වාණිජ කටයුතු සඳහා ලබා දෙන ගෑස් තොග නිකුත් කිරීමද ඊයේ දින සිට සිදුවන්නේ නැහැ. ඒ, මෙරට තුළ පවතින ගෑස් තොග අවසන් වීම හේතුවෙන්.