Wednesday, May 1, 2024

General line - 0115112241

අටලුගම දැරියගේ මරණය ගැන විමර්ශන CIDයට




බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන්වී පසුව මළ සිරුර සොයා ගැනුණු 09 හැවිරිදි ෆාතිමා අයීෂා දැරියගේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ දැරියගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. එය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

09 හැවිරිදි ෆාතිමා අයේෂා ඉකුත් 27 වනදා උදෑසන සිය නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලකට ගොස් තිබූ අතර ඇය නැවත නිවසට පැමිණ තිබෙුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා. 

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ෆාතිමා අයේෂාගේ නිවස ආසන්නයේ ඇති වගුරු බිමක තිබී ඇයගේ සිරුර සොයා ගැනුණේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින්.