Tuesday, April 30, 2024

General line - 0115112241

සහනාධාර ලබාදුන් පමණින් ජනතා ගැටළු සඳහා විසඳුම් ලබාගත නොහැකි - අමාත්‍ය මහින්ද අමරවීර




රට තුළ පවතින තත්ත්වය අනුව ජනතාවට සහනාධාර ලබාදුන් පමණින් ගැටළු සඳහා විසඳුම් ලබාගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මේ මොහොතේ සිදුකළ යුත්තේ පරිභෝජනය සඳහා ගත හැකි මොනයම් හෝ දෙයක් වගා කිරීමට ජනතාව දිරිමත් කිරීම බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

පොහොර සමාගම් සඳහා රුපියල් මිලියන 28,000 ක පමණ මුදලක් රජය විසින් මේවනවිටත් ගෙවිය යුතුව ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.