Tuesday, April 30, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව තර කෙරේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, විවිධ වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම මහජනතාව ද හිටපු ජනාධිපතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවට බුද්ධි අංශ මගින් වාර්තා කිරීම හේතුවෙන්. 

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ගමන් කරන ස්ථානවලදී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවලදී මහජන විරෝධතා එල්ල වීමට හැකියාවක් පවතින බවත්, ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින්, උපරිම ආරක්ෂාවක් ලබාදීම කාලෝචිත බවත් බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා. 

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට පිවිසෙන මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදීමට කටයුතු කරන ලෙසයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් උපදෙස් දී ඇත්තේ. 

විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය 05 විසින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස උපදෙස් ලබාදී තිබෙනවා.