Tuesday, April 30, 2024

General line - 0115112241

මෙරට මුං වගාව සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් ආධාර




මෙරට මුං වගාව ප්‍රවර්ධනය සඳහා සහය ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යංශය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යහපත් ප්‍රතිචාර හිමිව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. 

ඒ අනුව මෙරට ගොවි පවුල් 14,000 ක් සඳහා එක් පවුලකට රුපියල් 18,000 බැගින් මුං වගාව සඳහා ආධාර ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකගත්වය පළ කර තිබෙනවා. 

මෙවර යල කන්නය තුළ මුං වගාවට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගන්නා බවයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතවරයා කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ. මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 13,000 ක් පමණ වනවා.