Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියානු ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට ළගා වෙයි




ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට ළගා වී තිබෙනවා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ පස්වරුවේ මෙරටට ළගා වී ඇති බවයි. 

මේ අතර මෙම සති අන්තයේ දී ගෑස් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ලිට්‍රෝ සමාගම පැවසුවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 2,500ක් එම නෞකාවෙන් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි. ඊයේ දිනයේ දී ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් මෙරටට ළගා වුණා. එම ගෑස් තොග ගොඩබෑමෙන් පසු අද පස්වරුව වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළදපොළට නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

මේ අතර ලාෆ් ගෑස් බෙදා හැරීම තවමත් සිදුනොවන බැවින් එම පාරිභෝගිකයින් පත්ව සිටින්නේ දැඩි දුශ්කරතාවකයි. ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළා. ඊට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.