Sunday, May 5, 2024

General line - 0115112241

නෙළුව සහ තවලම ප්‍රදේශ ජලයෙන් යට වීමේ අවධානමක්




ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නෙළුව හා තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ජලයෙන් යට වීමේ අවධානමක් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසනවා. 

ඒ හේතුවෙන් නෙළුව හා තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යුද සහ නාවික හමුදා මුදවා ගැනීමේ භට කණ්ඩායම් දෙකක් සහ බෝට්ටු දෙක බැගින් ස්ථානගත කර ඇති බවයි එම ඒකකය පැවසුවේ.

පසුගිය වසරේදී ද නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුදා ගැනීම් කටයුතු සදහා යුද හමුදාවත් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුදා ගැනීම් කටයුතු සදහා නාවික හමුදාවත් යොදවා තිබෙනවා. 

එම භට පිරිස් අදාළ ප්‍රදේශය පිළිබඳ මනා අවබෝධයකින් සිටින බැවින් මෙම වසරේ ද ඒ අයුරින්ම භට පිරිස් ස්ථානගත කළ බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය වැඩිදුරටත් සදහන් කළේ.