Friday, March 29, 2024

General line - 0115112241

අක්‍රිය ණය සම්බන්ධයෙන් මහජන බැංකුවෙන් නිවේදනයක්




අක්‍රීය වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තොරතුරු පිළිබඳ මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන් සඳහා කරුණූ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. 

ඒ අනුව මහජන බැංකුව පවසන්නේ අක්‍රීය ණය යනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිදුකර නොමැති ණය බවයි. එය කිසිඳු ලෙසකින් ණය කපා හැරීමක් නොවන බව ද මහජන බැංකුව පෙන්වා දෙනවා. 

ණය කපා හැරීමක් සිදුකරන්නේ එය යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා ගත හැකි වන සෑම මාර්ගයක්ම සම්පූර්ණයෙන් ව්‍යර්ථ වී ඇත්නම් පමණක් බව ද මහජන බැංකුව සඳහන් කළා. 

බැංකුවේ අක්‍රීය වත්කම් කළඹ සමන්විත වන්නේ පසුගිය දශක 02 කට අධික කාලයක් තුලදී ලබාදී ඇති විවිධ ණය පහසුකම්වලින් බව ද එම බැංකුව පවසනවා. එබැවින් කිසිඳු ණය මුදලක් කපා හැර නොමැති බවයි මහජන බැංකුව පවසන්නේ.