Sunday, May 5, 2024

General line - 0115112241

මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ඇතුළුවීමට මහා පරිමාණ විදේශීය සමාගම්වලට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි - මන්ත්‍රී පාඨලී චම්පික




මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ඇතුළුවීමට මහා පරිමාණ විදේශීය සමාගම්වලට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. 

ඒ, පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමෙන් පසු පළමුවරට අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පළමුව කළ යුත්තේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයොජනය කර ඇති දේශීය ව්‍යවසායකයින්ට ඒ සඳහා අවස්ථාව ලබාදීම බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ ආර්ථිකමය වශයෙන් තමා ඉදිරිපත් කරන වැඩ පිළිවෙලට රජය කැමැත්තක් දක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට හැකි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහභාගි වූ මෙම විශේෂ මාධ්‍ය හමුව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුලත්.