Sunday, May 5, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට හොරෙන් ගිය 15 ක් ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි

ටී කේ ජී කපිල




නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අද අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. ඔවුන් ඔස්ට්‍රේලියාවට ගොස් තිබුණේ මීට දින 19 කට පමණ පෙරයි. 

ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ  ක්‍රිස්මස් දූපත වෙත ගෙන ගොස්, එහි රදවා තබා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත්තේ. 

මීගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු එලෙස පිටුවහල් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.